මිනිත්තු හතරෙන් කොරෝනා හොයන්න ක්‍රමයක්



පී.සී.ආර්. පරීක්ෂණය මෙන්ම නිවැරදි, මිනිත්තු හතරක් ඇතුළත ‘කොවිඩ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න සොයා ගැනීමට හැකි නව පරීක්ෂණයක් හඳුන්වා දීමට චීන විද්‍යාඥයෝ සමත් වී සිටිති.

‘පොලිමරේස් චේන් රියැක්ෂන්’ හෙවත් පීසීආර් පරීක්ෂණයෙන් සියයට 100 ක් නිවැරදිව ‘කොවිඩ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න දැන ගැනීමට හැකිය.

කෙසේ නමුත් පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට පැය කීපයක් ගත වෙයි. එම ගැටලුවට විසඳුමක් ලෙස මෙම නව පරීක්ෂණය හඳුන්වා දිය හැකි යැයි චීන විද්‍යාඥයෝ පවසති.

මෙම නව පරීක්ෂණය හඳුන්වා දී ඇත්තේ ෂැංග්හායි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS