මින් ඉදිරියට රතු පලස පිළිගැනීම් උත්සව නැහැ



වියදම් කප්පාදුවක් ලෙස, මින් ඉදිරියට රතු පලස උත්සව නොපවත්වන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නියෝග කර තිබේ. 

මේ වනවිට, පාකිස්තාන ෂරීෆ්ගේ රජය, වියදම් කප්පාදුවකට යොමු වී ඇත්තේ රට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බැවිනි.

අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ ඇමැති මණ්ඩලයත්, පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිත්, ඔවුන්ට හිමි වැටුප් ලබා ගන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානයට මුදල් ආධාර ලැබීමට නියමිත නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව, රජය වියදම් කප්පාදු කිරීමක් කළ යුතුව ඇත.

‘මින් ඉදිරියට රාජ්‍ය උත්සව සඳහා රතු පලස පිලිගැනීම් බැහැ. විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හෝ රාජ්‍ය නායකයන් පිළිගැනීමේ දී පමණක් රතු පලස පිළිගැනීම් කරන්න.’ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් උපදෙස් දී ඇත.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS