මැලේසියාවට නව අගමැතිවරයෙක්



මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, 61 හැවිරිදි ඉස්මායිල් සබ්‍රි සුදුසු යැයි මැලේසියා රජු තිරණය කිරීමත් සමඟ එරට 9 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස සබ්‍රි දිවුරුම් දුන්නේය.

ඉස්මායිල් සබ්‍රි නියෝජනය කරන්නේ 'එක්සත් මැලේසියා ජාතික සන්ධානය' පක්ෂයයි. මැලේසියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. නිදහස ලැබීමෙන් පසු, 2018 වසර වනතුරු නොකඩවා මැලේසියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේ මෙම පක්ෂයයි. දූෂණ චෝදනා හේතුවෙන් පක්ෂය අපකීර්තියට පත් වූ බැවින්, 2018 මහ මැතිවරණයේ දී එය පරාජයට පත් වී තිබුණි.

මැලේසියාවේ දේශපාලන අර්බුදයක් හටගත්තේ පසුගිය සතියේය. ඒ, පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති වීම නිසා, මුහයිදීන් යස්සින් ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. මුහයිදීන් යස්සින් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ මාස 17 කට පමණක් බවත්, අඩුම කාලයක් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ තැනැත්තා ඔහු බවත් පැවැසෙයි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස, කරන්නේ 'එක්සත් මැලේසියා ජාතික සන්ධානය' පක්ෂය, ඉස්මායිල් සබ්‍රි නම් කිරීමත් සමඟ මැලේසියානු රජු අබ්දුල්ලා සුල්තාන් අඑහ්මද් ෂා ඊට අනුමැතිය දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 144 දෙනකුගෙන් ඉස්මායිල් සබ්‍රි බහුතර කැමැත්ත හිමිවිය.

(රොයිටර්)

 

 


RECOMMEND POSTS