මැයි 3 වැනිදා දක්වා ඉතාලිය ලොක්ඩවුන්



ලබන මැයි 3 වැනිදා තෙක් ඉතාලිය මුළුමනින්ම වසා දැමීම එසේත් නැතිනම් ලොක් ඩවුන් කිරීමට සිදුවේවි යැයි අගමැති ගුසෙප්පේ කොන්තේ පවසා තිබේ.

‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය ඇරැඹුණේ චීනයෙනි. කෙසේ නමුත් අද වනවිට එය ඉතා වේගයෙන් පැතිර යමින් පවතින්නේ ඉතාලිය ඇතුළු යුරෝපා රටවලය.

චීනයෙන් පිට වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ද ඉතාලියෙනි. මේ වනවිට ඉතාලියේ ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරස මරණ 18,000 පසු කර තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS