මැයි 15 දක්වා පිලිපීනය ලොක්ඩවුන්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කළ පිලිපීනය යළි විවෘත කරනු ඇත්තේ මැයි 15 වැනිදා යැයි පිලිපීන ජනාධිපති පවසා ඇත.
පිලිපීනය දූපත්වලින් ද සමන්විත රාජ්‍යයකි. ලොක්ඩවුන් ක්‍රියාවලිය හේතුවෙන් පිලිපීන වැසියන් මිලියන 57 ක පිරිසක් දැඩි පීඩාවට පත් වී සිටින බව වාර්තා වේ.
පිලිපීනයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් 6,900 පසු කර තිබේ. මරණ 462 කි. මේ අතර, නිරෝධායන රෙගුලාසි කඩන, නිකරුණේ වීදි බසින පුද්ගලවන්ට වෙඩි තබන්නැයි ද පිලිපීන ජනාධිපති ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.
මැනිලාහිදීය (රොයිටර්)