මැන්ඩෙලා දියණිය දිවියෙන් සමුගනී



වර්ණභේදවාදය තුරන් කළ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලාගේ දියණියක මෙන්ම දකුණු අප්‍රිකාවේ ඩෙන්මාර්ක තානාපතිනිය ලෙස ද කටයුතු කළ සින්ඞ්සි මැන්ඩෙලා දිවියෙන් සමුගත්තාය.

මියයනවිට ඇගේ වයස අවුරුදු 59 කි. ජොහැන්නස්බර්ග් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී, සින්ඞ්සි මැන්ඩෙලාගේ අභාවය සිදුවුණු බව දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

සින්ඞ්සි මැන්ඩෙලාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ද කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදු කර නැත.

නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලා යුවලට දරු දැරියෝ 6 දෙනෙකි. සින්ඞ්සි මැන්ඩෙලා දෙවැනි දියණියයි.

ජොහැන්නස්බර්ග්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS