මැකාවු චීනයට නතුවෙලා වසර 20 යි
දකුණු චීන වෙරළට ඔබ්බෙන් පිහිටි මැකාවු දූපත චීන පාලනයට නතු වී වසර 20 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර, ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගී වූයේ චීන ජනාධිපති ෂී ජින්පින් ය.
මැකාවු දූපත සැලකෙන්නේ ආසියාවේ ‘ලස් වේගාස්’ නුවර යනුවෙනි. ධන කුවේරයන් ගැවසෙන, විනෝදාස්වාදය සපයන සංචාරක ආකර්ශනයක් ලෙස ද මැකාවු සැලකෙයි. මැකාවු දූපත පාලනය වන්නේ එක් රටක් සහ පාලන ක්රම දෙකක් යන තේමාව යටතේය.
1557 වසරේ පෘතුගාලය මැකාවු දූපත චීනයෙන් බද්දට ගත්තේය. 1887 දී දූපත පෘතුගාල යටත් විජිතයක් විය. අවසානයේ, 1999 වසරේ දෙසැම්බර් 20 වැනිදා යළි චීනයට මැකාවු දූපත හිමිවිය.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)