මැක්රොන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයට බටහිර රටවලින් ලැබෙන සහාය රුසියාව දිගින් දිගටම අවතක්සේරු කරන්නේ නම්, යුක්රේන හමුදාවට සහාය දක්වමින්, යුද පෙරමුණට හමුදා යැවීමට පවා තමන් පසුබට නොවන බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.

ප්‍රංශ ජනාපධිතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රෙම්ලීනය පවසා ඇත්තේ ප්‍රංශ හමුදා යුක්රේන යුද්ධයට සෘජුව සම්බන්ධ වන්නේ නම්, යුද්ධය තවත් උත්සන්න වනු ඇති බවත්, එය බටහිර රටවලට ලොකු බලපෑමක් එල්ල කරනු ඇති බවත්ය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය වෙනුවෙන් ජර්මනිය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජික රටවල් බොහොමයක් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, නේටෝ සාමාජික රටවල් ඔවුන්ගේ හමුදා යුක්රේනයට යැවීමට අදහස් කර නැති බවය.


RECOMMEND POSTS