මාෆියා සාමාජිකයන් 200 දෙනාට සිර දඬුවම්



ඉතාලියේ මාෆියා අපරාධ කල්ලි සාමාජිකයින් 200 දෙනකු වරදකරුවන් කරමින්, ඉතාලි අධිකරණයක් ඔවුන්ට සිරදඬුවම් නියම කළ අතර, එම සිරදඬුවම්වල එකතුව වසර 2,200 කි.

ඉතාලි අධිකරණයක් විසින් හරට මාෆියා අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව ලබා දුන් ඉතා සුවිශේෂී තීන්දුවක් ලෙස සැලකෙයි. වරදකරුවන් වූයේ ‘ද්‍රන්ගෙතා’ නමැති මාෆියා කල්ලි සාමාජිකයන් 200 දෙනකුය.

ඔවුන් අතර, ඉතාලි සෙනෙට් සභිකයකු ද සිටින බව පැවැසෙයි. අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ වසර 3 ක් තිස්සේ පැවැති නඩු විභාගය අවසන් කරමිණි. මංකොල්ලකෑම, පුද්ගල පැහැර ගැනීම්, ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම මාෆියා කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.


RECOMMEND POSTS