මහාරාෂ්ට්රයට සහනයක් ලැබිලා
ඉන්දියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන මහාරාෂ්ට්රයට සහනයක් ලබා දීමටත්, පැනැවූ තංහංචි ලිහිල් කිරීමටත් ඉන්දීය මධ්‍යම රජය තීරණය කර ඇත.
ඉන්දියාවේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි ඇත්තේ ද මහාරාෂ්ට්රයේය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු ඉන්දීය මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇති බව පැවැසෙයි.
මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීමෙන් ඉන්දියාව මැයි මාසය තෙක් ලොක්ඩවුන් කර ඇත. ඒ, කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙසය.
ඉන්දියාවෙන් ආසාදිතයන් 15,000 කට වැඩි ප්‍රමාණයක් හමුවී ඇති අතර, ඔවුන්ගෙන් වැඩිදෙනා හමුවී ඇත්තේ ද මුම්බායි නුවර පැල්පත් නිවාස සංකීර්ණ කේන්ද්‍රකොට ගනිමිනි.
(රොයිටර්)