මහා බි්රතාන්යයත් ‘ලොක් ඩවුන්’
ගතවුණු පැය 24 ක කාලය ඇතුළත ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පුද්ගලයන් පනස් දෙදෙනකු මියයෑමත් සමඟ මහා බි්රතාන්යයට වසා දැමීමට අගමැති බොරිස් ජොන්සන් ප්රමුඛ රජය තීරණය කර තිබේ.
‘මා බි්රතාන්ය වැසියන්ට පැහැදිලිව එක් දෙයක් කියනවා. මේ මොහොතේ පටන් නිවසින් යන්න එපා. නිවසට වෙලා ඉන්න’ යැයි අගමැති ජොන්සන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවැසුවේය.
මේ වනවිට මහා බි්රතාන්යය හෙවත් එක්සත් රාජධානියෙන් හමුවී ඇති වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 6,726 කි. වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 336 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 140 කි.
ලන්ඩනයේදීය (රොයිටර්)