මහ මැතිවරණය 17 වැනිදා



නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් පසුගිය දා නිල වශයෙන් කියා සිටියේ දෙවැනි වරටත් නවසීලන්තයට කොරෝනා වයිරසය පරාජය කිරීමට හැකිවුණු බවය.

නවසීලන්තයෙන් දෙවැනි වයිරස රැල්ලක් නිර්මාණය වූයේ ඕක්ලන්ඩ් නුවරින් ආසාදිතයන් වාර්තා වෙද්දීය‍. කෙසේ නමුත් නිරෝධායන නීති දැඩි කරමින්, එම රැල්ල පලානය කඩිනමින් කර ගැනීමට නවසීලන්ත සෞඛ්‍ය අංශ සමත් වී ඇත.

ඒ අනුව නවසීලන්ත මහ මැතිවරණය සෞඛ්‍ය උපදෙස් මත ලබන 17 වැනිදා පැවැත්වීමට කටයුතු යොදන බව ද අගමැතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය. කොරෝනා මර්දනය සාර්ථකව කළ බැවින් අගමැතිනි ජැසෙන්ඩාට ඉහළ ජනවරමක් හිමිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

(රොයිටර්)


RECOMMEND POSTS