මලාවි විපක්ෂ නායකයා ජනපතිවරණය ජය ගනී



දෙවැනිවරට පවත්වන ලද මලාවි ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක ලසරස් චක්වේරා ජයග්‍රහණය කළේය. ඒ, සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත් වෙමිනි.

ලසරස් චක්වේරා මෙසේ ජනපති ධුරයට පත් වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ බලයේ රැදී සිටිමින්, තව දුරටත් බලයේ රැදී සිටීමට උත්සහ ගත් පීටර් මුටරිකා පරාජය කරමිණි.

මලාවි නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. මලාවි රාජ්‍යයේ ජනාධිපතිවරණ පැවැත්වූයේ පසුගිය 2019 වසරේය. එයින් පීටර් මුටරිකා ජයග්‍රහණය කළ නමුත්, අක්‍රමිකතා සිදුවුණු බවට චෝදනා එල්ල විය. මලාවි ව්‍යවස්ථාමය අධිකරණය ඒ අනුව තීන්දු කළේ යළි ජනපතිවරණයක් පැවැත්විය යුතු බවය. විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ ලසරස් චක්වේරාට ජයග්‍රහණය හිමිවූයේ ඒ අනුවය.

ලිලොන්වේහිදීය (රොයිටර්)


RECOMMEND POSTS