මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යයි
වසර 17 කට පසු ඇමෙරිකාව මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. මරණ දඬුවම හිමිවීමට නියමිත ඇත්තේ ඩැනියෙල් ලුවිස් ලී නමැති අපරාධකරුවාටය.
ඩැනියෙල් ලුවිස් ලී සුදු අන්තවාදියෙකු වන අතර 1996 දී මොහු ආකන්සාස් හි පදිංචි එකම පවුලක තිදෙනෙක් කුරිරු ලෙස ඝාතනය කළේය. ඇමෙරිකන් අධිකරණ අමත්‍යාංශය පවසා ඇත්තේ මාරක එන්නතක් සිරුරට විදීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවය. ඩැනියෙල් ලුවිස් ලී රඳවා තබනු ලැබ ඇත්තේ ඉන්දියානා ජනපදයේ ටෙර් හූට් බන්ධනාගාරයේය.
ඉන්දියැනාපොලිස්හිදීය (රොයිටර්)