මන්මෝහන් සිං රෝහලේ
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ආචාර්ය මන්මෝහන් සිං ඊයේ (10) රාත්‍රියේ නවදිල්ලි රෝහලකට ඇතුළත් කෙරුණි.
හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේ රෝහල්ගත කෙරුණේ, පුපුවේ වේදනායක් නිසාය.
ඊයේ රාත්‍රී 8.45 ට පමණ රෝහල් ගත කළ 87 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.
ආචාර්ය මන්මෝහන් සිං මීට පෙර අවස්ථා දෙකකදී හදවත් සැත්කම්වලට ලක් විය. පළමු සැත්කම 1990 වසරේදීත් දෙවැන්න 2009 දීත් සිදුවිය.
ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.
ඔහු ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2004 සිට 2014 දක්වා කාලයේ කොංග්රස් පක්ෂ රජයක් පැවැති අවස්ථාවේදීය. මන්මෝහන් සිං ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයාය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)