මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීනයේ



මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් මධ්‍යම චීනයේ සියෑන් නගරයේ දී ආරම්භ විය. මධ්‍යම ආසියානු රාජ්‍ය නායක සමුළුවක් මේ අයුරින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. සමුළුව පැවැත්වෙන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙනි.

මධ්‍යම ආසියානු රටවල් ලෙස සැලකෙන කසක්ස්තානයේ, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානයයි. සමුළුවට මෙම රටවල නායකයෝ සහභාගී වෙති.

චීනය ඉපැරණි සේද මාවත අලුත් කරමින්, එක් තීරයක් එක් මාවතක් යන නමින් ට්‍රිලියන ගණනක සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එහෙයින් මෙම රටවල් සමඟ යහපත් සබඳතා පවත්වා ගෙන යෑම චීනයට අතිශය වැදගත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS