බොලිවියා ජනාධිපති අත්අඩංගුවට ගැනීමේ සූදානමක්



ජනතා විරෝධය සහ හමුදාවේ බලපෑම් හමුවේ ධුරයෙන් ඉවත් වූ බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස් අත්අඩංගුවට ගැනීමට බොලිවියා පොලිසියේ දූෂණ විරෝධී ඒකකය උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

ධුරයෙන් ඉවත් වීමෙන් පසු දේශපාලන රැකවරණ පතමින්, මොරාලේස් මෙක්සිකෝවට ගොස් සිටී. මොරාලේස් ධුරයෙන් ඉවත් වෙද්දී ඔහුගේ පක්ෂ ආධාරකරුවෝ බොලිවියාවේ අන්තර්වාර රජයට එරෙහිව විරෝධතා පැවැත්වූහ.

කලහකාරීව හැසිරුණු එම විරෝධතාකරුවන් ‘ත්‍රස්තවාදීන්’ යැයි අන්තර්වාර රජය විසින් හඳුන්වා දෙනු ලැබුණි. විරෝධතාකරුවන් මෙහෙයවීම කරන්නේත් ඔවුන්ට අනුබල දෙන්නේත් මොරාලේස් යැයි චෝදනා එල්ල වී ඇත.

බොගෝටාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS