බොලිවියා ජනපති ධුරය මොරාලේස්ගේ හිතවාදියාට



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවේ පැවැති ජනාධිපතිවරණයෙන්, හිටපු ජනාධිපතිවරයකු වන ඊවෝ මොරාලේස්ගේ හිතවාදියකු වන ලුවිස් ආක් ජයග්‍රහණය කර තිබේ.

වසර 14 ක් බොලිවියාවේ ජනාධිපති ධුරය හෙබවූ මොරාලේස්ට පසුගිය වසරේ ධුරයෙන් සමුගැනීමට සිදුවිය. ඒ, දූෂණ චෝදනා එල්ල වීමත්, ජනතා විරෝධයත් හමුවේය. ජනපති ධුරයෙන් ඉල්ලා අස්වී මොරාලේස් රටින් ද පිටවී ගියේය.

ඉන්පසු අන්තර්වාර රජයක් රට පාලනය කළ අතර, පසුගිය සති අන්තයේ ජනාධිපතිවරණය පැවැත්වූයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින්ය. ලුවිස් ආක්, ජයග්‍රහණය කළේ බහුතර බලයක් ද සමඟිනි.

කෙසේ නමුත් තමන් ප්‍රමුඛ තමන් පිහිටුවන නව රජයට මොරාලේස් සම්බන්ධ කර නොගැනීමට තීරණය කළ බව ලුවිස් ආක් පවසා ඇත. එපමණක් නොව, දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට ද ලුවිස් ආක් පොරොන්දු වී තිබේ. එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් මොරාලේස් පවසා ඇත්තේ, ඒවා පදනම් විරහිත චෝදනා බවටය.

ලා පාස්හිදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS