බෙල්ජියමේ ගොවි විරෝධතා



බෙල්ජියමේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ ජීවන බර ඉහළ යාම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින් එරට ගොවීහු මාර්ග අවහිර කර, ටයර් පුළුස්සා විරෝධතාවයක නියැලුණහ.

මෙසේ විරෝධතා පැවැත්වූයේ යුරෝපා සංගම් නායකයන් බෙල්ජියමේ බ්‍රස්ලස් අගනුවර පිහිටි යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවට සමුළුවක් සඳහා රැස් වූ අවස්ථාවේදීය.

ගොවිතැන් සඳහා භාවිත කරන ඔවුන්ගේ ට්‍රැක්ටර් රථවලින් මාර්ග හරස් කරමින්, විරෝධතාවයේ නියැලු‍ණු ගොවීහු යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව දෙසට ගොම සහ බිත්තර ප්‍රහාරයක් ද එල්ල කළහ.

පිරිස විසුරුවා හැරීමට, පොලිසිය යෙදවිණි.


RECOMMEND POSTS