බූස්ටර් ගත්තු අයට නාසික එන්නත ඕනෑ නෑ



ඉන්දීය වැසියන්ට, ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමේ නාසික එන්නත ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත.

ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයන්ටත් බූස්ටර් එන්නත් ලබා ගත් අයටත් මෙම නාසික එන්නත ලබා ගැනීම අවශ්‍ය නොවන බවය.

නාසික එන්නත නිපදවා ඇත්තේ ඉන්දිය රජයට අයත් භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමය. එන්නත නම් කර ඇත්තේ ‘ඉන්-කෝවැක්’ යනුවෙනි. එන්නත් මාත්‍රාව බිංදු දෙකකි. එන්නත් කටුවලට බියක් දක්වන ඕනෑම අයකුට කිසිදු බියක් නොමැතිව ‘ඉන්-කෝවැක්’ එන්නත ලබා ගැනීම කළ හැකිවීම විශේෂත්වයකි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS