බුහුමනට ලක්වූ යුද සත්ත්ව යුද විරුවෝ



අමෙරිකාව වෙනුවෙන් යුද්ධයේදී විශිෂ්ට සේවයක් කළ සත්ත්ව විරුවන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවක් වොෂින්ටන් නගරයෙන් වාර්තා විණි.

පදක්කම් ප්‍රධානෝත්සවයේදී කොරියානු යුද්ධයේදී මියගිය අසුන්, පළමු හා දෙවැනි ලෝක සංග්‍රාමයේදී මියගිය සන්නිවේදක පරවියන් සහ ඉන් අනතුරුව ඇති වූ යුද්ධවලදී මියගිය සුනඛයන්ද ගෞරවයට පාත්‍ර වී ඇත.

මෙවර ප්‍රදානය කළ නව පදක්කම නම් කර ඇත්තේ, වීර සත්ත්වයන් වෙනුවෙන් වන යුද්ධයේ හා සාමයේ පදක්කම ලෙසයි.උත්සවය අතර ඉතාමත් සුවිශේෂී වීර පදක්කම් ද්විත්වයක්ද පිරිනැමීය.

ඉන් එකක් හිමිවුණේ ඉරාකයේ, සෝමාලියාවේ හා ඇෆ්ගනිස්තානයේ සේවය කළ, පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ විශේෂඥ දැනුමක් ඇති, බාස් නම් තවමත් ජීවතුන් අතර සිටින වීර සුනඛයෙක් වෙතයි.

අනෙක් පදක්කම නිව්යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත බුක්කා නම් සුනඛයා වෙත පිරිනැමිය.

කොරියානු යුදයේදී සේවය කළ සාජන්ට් රෙක්ලස් නම් අශ්වයාත්, පළමු ලෝක සංග්‍රාමයේ සේවය කළ චේ අමීර් හා දෙවැනි ලෝක සංග්‍රාමයේදී සේවය කළ ජි අයි ජෝ නම් පරවියාත් මෙහිදී සම්මාන දිනාගත්තේය.

පළමු යුද්ධයේදී මියගිය චිප්ස් නම් සුනඛයාත්, වියට්නාම් යුද්ධයේදී මියගිය ස්ටෝර්මි සුනඛයාත්, ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ සේවය කර මියගිය ලුකා නම් සුනඛයාත්, මෙහිදී සම්මානය පාත්‍ර වූ අනෙක් සත්ත්වයන් වෙයි.

( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි.

RECOMMEND POSTS