බි‍්‍රතාන්‍ය ගුවන් යානය නයිජීරියා රජයේ භාරයට



නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි චෝදනා මත බි‍්‍රතාන්‍ය ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් නයිජීරියා රජය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

නයිජීරියා රජය මෙසේ සිය භාරයට ගෙන ඇත්තේ ෆ්ලෙයාර් ජෙට් ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.

මේ අතර විදේශගත නයිජීරියානුවන් යළි ගෙන්වා ගැනීම හැර ලබන ජූනි 4 වැනිදා තෙක් නයිජීරියාවට පැමිණෙන සහ නයිජීරියාවෙන් පිටත් වන ගුවන් යානා නවත්වා දමා ඇත.

නයිජීරියානු රජය මෙම තීරණය ගෙන ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණ ඇතිවය.

(රොයිටර්)


RECOMMEND POSTS