බි්රතාන්ය අගමැතිට ට්රම්ප්ගෙන් ඇරැයුමක්
ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන්ට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගෙන් ඇරැයුම් ලැබී ඇත.
බොරිස් ජොන්සන් සහ ඇමෙරිකන් ජනාධිපති ට්රම්ප් අතරේ මිතුදම් පවතී. මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්රෙක්සිට් කි්රයාවලිය සම්පූර්ණ කිරීමට හැකි එකම තැනැත්තා ජොන්සන් බව ට්රම්ප් අවස්ථා ගණනාවකදී පවසා ඇත.
පසුගිය දා පැවැති බි්රතාන්ය මැතිවරණයෙන් පාලක කොන්සවටිව් පක්ෂයට හිමිවූයේ අති විශිෂ්ට ජයකි. ඒ අනුව, බ්රෙක්සිට් කි්රයාවලිය සම්පූර්ණ කිරීමට අගමැති ජොන්සන්ට කිසිදු බාධාවක් නොමැති බව පැවැසෙයි.
ඇමෙරිකා ජනාධිපති ට්රම්ප් කළ ඇරැුයුම තමන් පිළිගත් බවත්, ලබන ජනවාරියේ තමන් ඇමෙරිකාවේ සංචාරය කිරීමට සූදානම් වන බවත් අගමැති ජොන්සන් පවසා ඇත. කෙසේ නමුත්, බ්රෙක්සිට් කි්රයාවලිය සම්පූර්ණ කළ යුතු බැවින් එම සංචාරය පෙබරවාරි තෙක් කල්යෑමට ද ඉඩ ඇති බව ජොන්සන් අවධාරණය කර ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)