බිහාර් ඡන්දයෙන් විපක්ෂයට ජය
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර, ප්‍රාන්ත මහ ඇමැති ලෙස කටයුතු කළ නිතිෂ් කුමාර් ප්රමුඛ ‘ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය’ පරදවා ජය හිමි කරගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කළ ‘රාෂ්ත්‍රීය ජනතා දාල්’ ප්රමුඛ සන්ධානයයි.
‘රාෂ්ත්‍රීය ජනතා දාල්’ පක්ෂයට නායකත්වය දෙන්නේ තෙජාෂිව් යාදේව් වන අතර, බිහාරයේ මීළඟ මහ ඇමැති ධුරය ඔහුට හිමිවනු ඇත. 31 හැවිරිදි තෙජාෂිව් යාදේව් හිටපු ඉන්දීය ක්‍රිකට් තරුවකි.
96 හැවිරිදි නිතිෂ් කුමාර් බිහාරයේ මහ ඇමැති ලෙස කටයුතු කළේ 2005 වසරේ සිටය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සහාය හිමිවූයේ නිතිෂ් කුමාර්ගේ ‘ජනතා දාල්’ පක්ෂයටය. ‘ජනතා දාල්’ සහ ‘භාරතීය ජනතා පක්ෂය’ මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘ප්රජාතන්ත්රවාදී සන්ධානය’ ලෙසය.
බිහාර් ප්‍රන්තය ආසන 243 කින් සමන්විත වූ අතර, බහුතර බලය සඳහා ආසන 122 ක් හිමි කරගත යුතුව තිබුණි. බිහාර් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබර් 28 වැනිදාය. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය මැද අදියර කීපයක් යටතේ මැතිවරණය පැවැත්වුණු අතර එය අවසන් වූයේ පසුගිය 7 වැනිදාය.
නවදිල්ලියේදීය (රොයිටර්)