බිම් බෝම්බ සොයන බල්ලාට සම්මානයක්



යුක්රේන වැසියන්ගේ ජීවිත බේරා ගනිමින්, බිම් බෝම්බ 200 කට වැඩි ගණනක් සොයා දුන්, යුක්රේන හමුදාවට අයත් නිල සුනඛයකුට වීර පදක්කමක් පිරිනැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කටයුතු කළේය.

යුක්රේන ජනාධිපතිවරයා ‘පේට්‍රොන්’ නමැති ජැක් රසල් ටෙරියර් වර්ගයේ නිල සුනඛයා ඇගැයීමට ලක් කළේ, යුක්රේනයේ කීව් අගනුවර සංචාරයකට පැමිණ සිටි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමඟ පැවැති මාධ්‍ය හමුව අතරතුරේදීය.

‘පේට්‍රොන්’ පමණක් නොව, ඔහු බලා ගන්නා සහ පුහුණුව ලබා දෙන හමුදා නිලධාරියා ද මෙම අවස්ථාවේදී ඇගැයීමට ලක් වුණු බව පැවැසෙයි.
පදක්කම් ප්‍රදානය කළ අවස්ථාවේදී, සෙලෙන්ස්කී පමණක් නොව, අග්‍රාමාත්‍ය ටෘඩෝ ද ‘පේට්‍රොන්’ සුරතල් කිරීමට පවා අමතක නොකළාහ.

(රොයිටර්)


RECOMMEND POSTS