බ්‍රෙක්සිට් යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවට
මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන්් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය අවසන් කිරීමට සකස් කළ නව යෝජනාව අනිද්දා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමේ අවසන් දිනය ලබන ජනවාරි 31 වැනිදාට යෙදී තිබේ. ඒවනවිට බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කරන බව ද අගමැති බොරිස් ජොන්සන් පවසා තිබේ. කතා නායකවරයා ද සමඟ සාකච්ඡුා පවත්වා නත්තලට පෙර බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදන බව ද අගමැති ජොන්සන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
පසුගිය දා පැවැති බි්රතාන්ය මහ මැතිවරණයෙන් අගමැති ජොන්සන්ගේ කොන්සවටිව් පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. බි්රතාන්ය පාර්ලිමේන්තුව ආසන 650 කින් සමන්විත වන අතර කොන්සවටිව් පක්ෂය ආසන 350 කට වඩා හිමිකර ගත්තේය. කොන්සවටිව් පක්ෂය ආසන 350 ක් හිමි කරගන්නා අවස්ථාව වෙද්දී, විපක්ෂය වන ජෙරමි කෝර්බින්ගේ කම්කරු පක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ ආසන 202 ක් පමණි.
බහුතර බලයකින් ජය හිමිවීමත් සමඟ තමන්ට කිසිදු බාධාවකින් තොරව බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අගමැති ජොන්සන් වැඩිදුරටත් පවසා ඇත. අගමැති ජොන්සන් උත්සාහ ගත්තේ යුරෝපා සංගමය සමඟ එකඟතාවක් ඇති කරගෙන හෝ නොගෙන මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමටය. එකඟත්වයක් ඇතිව යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් එය මහා බි්රතාන්යයට වාසියක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)