බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට පවුම් මිලියන 50 ක ආධාර



රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 64.65 ක්) ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා ඇත්තේ, මෙම පවුම් මිලියන 50 යුක්රේනයට ලබා දීම සිදු කරන්නේ යුක්රේනයේ සංවර්ධන කටයුතු සඳහා බවය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ යුක්රේනයට මුදල් ආධාර ලබා දෙන බව නිවේදනය කළේ ලිතුවේනියාවේ පැවැත්වෙන ‘නේටෝ’ සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. මුදල් ආධාරවලට අමතරව යුදමය ආධාර යුක්රේනයට ලබා දීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟවී තිබේ.
මේ අතර ‘නේටෝ’ මහ සමුළුව ලිතුවේනියාවේ පැවැත්වෙද්දී රුසියන් හමුදා, යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වැඩි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


RECOMMEND POSTS