බ්‍රිතාන්‍ය නව අගමැතිට චීන අගමැති සුබ පතයි



චීන අග්‍රාමාත්‍ය ලී කියැංග්, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය, කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර්ට සුබ පතුවේය. බි්‍රතාන්‍ය කම්කරු පක්ෂය බලයට පැමිණියේ, වසර 14 ක් තිස්සේ පැවැති කොන්සවර්ටිව් පක්ෂ රජයට බලය අහිමි කරමිණි.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වීම සම්බන්ධයෙන් සුබ පතමින්, චීන අග්‍රාමාත්‍යවරයා කියේර් ස්ටාර්මර් ට පෙන්වා දුන්නේ පසුගිය වසර ගණනාව තිස්සේ, මහා බ්‍රිතාන්‍යය සහ චීනය අතරේ පළුදු වුණු සබඳතා යළිත් ශක්තිමත් කර ගැනීමට සූදානම් බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS