බ්‍රසීලයේ කොරෝනා මරණ 50,000 ක්



 

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 50,000 පසු කර ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

ගතවුණු පැය 24 ඇතුළත පමණක් බ්‍රසීලයෙන් වාර්තා වුණු ‘කොවිඩ් 19’ මරණ සංඛ්‍යාව 1,022 කි. බ්‍රසීලයෙන් පළමු ‘කොවිඩ් 19’ ආසාදිතයා වාර්තා වූයේ පසුගිය පෙබරවාරි 26 වැනිදාය. මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තාවන සමස්ත ආසදිතයන් සංඛ්‍යාව මිලියනය පසු කර තිබේ.

මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් ලොව පුරා මරණ 4,63,000 ක් වාර්තා වේ. ලොව පුරා වයිරස ආසාදිතයන් ගණන මිලියන 8.75 ක් වන අතර රෝහල්ගතව සුවය ලැබූවන්ගේ ගණන මිලියන 4‍.2 ක් යැයි ඇමෙරිකාවේ ජෝන් හෙප්කින්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දෙයි.

සාඕ පාවුලෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS