බ්‍රසීලයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරට ගිය අග්‍රාමාත්‍ය මෝදි, එම සමුළුව අවසන් වීමෙන් පසු මේ වනවිට බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවර බලා පැමිණ සිටී. ඒ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවී ද්වීපාර්ශ්වීක සබදතා තරකර ගැනීමේ අරමුණින්ය.
‘බ්‍රික්ස්’ සමුළුවේ සත්කාරකරු වූයේ ද බ්‍රසීල අග්‍රාමාත්‍යවරයාය. ‘බ්‍රික්ස්' යනු ලෝකයේ නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුවය.
රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. ඊට අමතරව, මේ වනවිට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ සෞදි අරාබිය ද ‘බ්‍රික්ස්’ හවුලට එක් වී සිටී.
‘බ්‍රික්ස්’ සමුළුව අමතමින්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, පාකිස්තානයට දොස් කීවේය. ඒ, පාකිස්තානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට චෝදනා කරමිණි.
‘බ්‍රික්ස්’ සමුළුව අවසන් වී, රියෝ දි ජිනැයිරෝ නුවර සිට, බ්‍රසීලියා අගනුවර බලා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ බ්‍රසීල ආරක්ෂක අමාත්‍ය හෝසේ මුසියෝ විසිනි. බ්‍රසීලියා අගනුවර ගුවන්තොටුපොළට ගොඩබසිද්දී, මෝදි පිළිගැනීමට සම්බා නර්තනයක් ද පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)

