බ්‍රසීල ජනපතිවරණය: අවසන් වටය ඇරැඹේ



බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය ඇරැඹිණි. අවසන් වටය සඳහා ඉදිරිපත් වූයේ, පළමු වටයෙන් වැඩි ඡන්ද දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති යාර් බොල්සරාවෝ සහ හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වාය.

දෙවනි ධුරයක් අපේක්ෂා කරමින් ජනපති සටනට ඉදිරිපත් වී සිටින යාර් බොල්සරානෝ අන්ත දක්ෂිණාංශිකයෙකි. ලූලා ද සිල්වා වාමාංශිකයෙකි. ජනමත සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ ලූලා ද සිල්වා ට වැඩි වාසි අත්වනු ඇති බවය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබර් දෙවැනිදාය. ඊට අපේක්ෂකයන් 11 දෙනකු ඉදිරිපත් වුණු අතර කිසිවකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය. ඒ අතරින් ද වැඩි ඡන්ද ප්‍රතිශත හිමිකර ගත්තේ බොල්සරානෝ සහ ලූලා ද සිල්වා ය. ඒ අනුව, අවසන් අපේක්ෂකයන් දොදෙනා බවට ඔවුහු පත් වූහ.ලූලා ද සිල්වා 2003 සිට 2010 තෙක් කාලයේ බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවීය.

(රොයිටර්)


RECOMMEND POSTS