බ්‍රසීල ජනපති හමුවන්න රුසියන් විදේශ ඇමැති එයි



රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්, බ්‍රසීලයට පැමිණ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවී සාකච්ඡා පැවැත්වීය. රුසියාවත්, බ්‍රසීලයත් අතර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, රුසියාව, යුක්රේනයට එරෙහිවගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

රුසියාව, යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අවස්ථා ගණනාවකදී රුසියාවට පක්ෂපාතීව අදහස් දක්වා තිබේ. මෙය ඇමෙරිකාව ඇතුළු යුකරේන හිතවාදී බටහිර රටවල නොසතුටට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS