බහුතරය ‘මාස්ක්’ දාන්න කැමතියි
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමටත්, වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමටත්, මුහුණු ආවරණ (මාස්ක්) පැලඳීමට තමන් කැමැති බව බහුතරයක් ඇමෙරිකානුවන් කැමැත්ත පළ කර තිබේ.
මේ බව අනාවරණය වූයේ, ඇමෙරිකන් මාධ්‍ය සිදු කළ සමීක්ෂණවකින් පසුවය. චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාවය.
වැඩිම ආසාදිතයන් පමණක් නොව, වැඩිම මරණ ද වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන මිලියන 4 ඉක්මවා ගොස් ඇති අතර, මරණ වාර්තා වන්නේ 1,43,000 ක් ලෙසය.
වොෂින්ටනයේදීය (රොයිටර්)