බස් දෙකක් ගංගාවට පෙරළෙයි



නේපාලයට ඇතිව තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ සිදුවූ නාය යාමකින් මගී ප්‍රවාහන බස් රථ දෙකක් අද(12) ත්‍රිශුලි ගංගාවට වැටිම හේතුවෙන් 10 දෙනකු මියගොස් තවත් 50 දෙනකු අතුරුදන්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

අනතුර අද (12) එරට වේලාවෙන් පාන්දර 3.30 ට පමණ සිදුව ඇති බවත් චිට්වාන් දිස්ත්‍රික්කයේ නර්යන්ගත් මුග්ලින් මාර්ගයේ කත්මණ්ඩු නුවරට කිලෝ මීටර 100 ක් පමණ දුරින් එම අනතුර සිදුව ඇති බවත් නේපාල මාධ්‍ය සඳහන් කළේය. මගීන් 24 ක් රැගත් එක් බසයක් කත්මණ්ඩු නගරය දෙසට ධාවනය වී ඇති අතර  අනෙක් බසය ගෝර් නගරය දෙසට ධාවනය ධාවනය වී ඇත.

ගමන ආරම්භ වන අවස්ථාවේදී මගින් 65 දෙනකු බස් රථ දෙකට ගොඩවී ඇති බවට පද්ධතියේ සටහන් වී තිබුණත් මගදී මගීන් කීදෙනකු එම බස් රථ දෙකට ගොඩ වූවා දැයි පැවැසීමට ක්‍රමයක් නොමැති බවද නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ.


RECOMMEND POSTS