බයිඩන්ගේ පළමු අයවැය



ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිය පළමු අයවැය ප්‍රකාශයට පත් කළේය. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ මෙම වසරේ ජනවාරියේය.

පළමු අයවැය මගින් වෙන් කෙරුණු මුදල ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 6 කි. ඇමෙරිකානු ධනවතුන්ගෙන් වැඩිපුර බදු අය කර ගැනීමේ යෝජනාවක් ද මෙම අයවැයට ඇතුළත්ය.

2031 වසර වනවිට ඇමෙරිකාවේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 117 ක් තෙක් ඉහළ නැංවීමට අයවැය මගින් යෝජනා කර තිබෙන බව ද වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝගයක් වූයේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස වසංගතයයි. තවමත් ලොව වැඩියෙන්ම ආසාදිතයන් වාර්තා වන්නේත්, මරණ වාර්තා වන්නේත් ඇමෙරිකාවෙනි.

වයිරස වසංගතයත් සමඟ ඇමෙරිකන් ආර්ථිකය අඩපණ විය. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට රටේ ආර්ථිකය යළි පිබිඳීමකට ලක් වී ඇතැයි ජනපති බයිඩන් කියයි.

ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සැමට මේ වනවිට එන්නත් ලබාදීම සිදුවෙයි. එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය වී ඇති බව ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකය ද පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS