බයිඩන් හමුවෙලා සාකච්ඡා කරනවා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ජෝ බයිඩන් හමුවී, සාකච්ඡා කර, වෙනිසියුලාව සහ ඇමෙරිකාව අතර පවතින සියලු අර්බුද විසඳා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව වෙනිසියුලා නායක නිකලස් මදුරෝ පවසා ඇත.
පළමුවෙන් රාජ්‍ය නියෝජිතයන් හරහා මෙන්ම ඉන්පසු බයිඩන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවත්, ඇමෙරිකාවත් වෙනිසියුලාවත් අතර සබඳතා යළි ශක්තිමත් වනු ඇති බවත් තමන් විශ්වාසය කරන බව මදුරෝ මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ඇමෙරිකාවට අනුව, වාමාංශික දේශපාලන නායකයකු වන මදුරෝ වෙනිසියුලා ජනතාව පීඩාවට පත් කරන ඒකාධිපති පාලකයෙකි. ඇමෙරිකාවේ සහාය නිරන්තරයෙන් හිමිවන්නේ වෙනිසියුලානු දේශපාලන විපක්ෂ කණ්ඩායම්වලටය. ට්‍රම්ප් පරිපාලන සමයේ වෙනිසියුලාවට දිගට හරහට ආර්ථික සම්බාධක පැනැවීමක් සිදුවිය. එම සම්බාධක හේතුවෙන් වෙනිසියුලාව අර්බුද රැසකට මුහුණ පා සිටී.
කැරකස්හිදීය (රොයිටර්)