බයිඩන් මෝදිගෙන් බංග්ලාදේශය ගැන විමසයි



ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ බංග්ලාදේශය සම්බන්ධයෙන් දුරකතන කතාබහක් පැවැත්විණි. 

බංග්ලාදේශ වැසියන්ගේ ආරක්ෂව ගැනත්, ශිෂ්‍ය අරගලයෙන් පසු බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැනත්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කරුණු විමසා සිටි බව වාර්තා වේ.

බලයෙන් නෙරපා හැරුණු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සමීප සබඳතා පැවැත්විණි. ශිෂ්‍ය අරගලකරුවන්ගේ විරෝධය මැද හසීනා පලා ගියේ ද ඉන්දියාවටය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS