බන්ධනාගාරයක ගැටුමකින් 100 ක් මරුට



ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝර් රාජ්‍යයේ, බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැ‍දෙවියන් 100 දෙනකු පමණ මියගොස් ඇතැයි එරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ (29) පැවැසීය.

ගැටුම හටගෙන ඇත්තේ බන්ධනාගාරය තුළ සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතරේය. ගැටුම පාලනය කිරීම බන්ධනාගාර නිලධාරීන්ට අපහසු වුණු අවස්ථාවේදී, පොලිසියේ ද සහාය ලබා ගත් බව පැවැසෙයි.

ගැටුම හටගෙන ඇත්තේ එක්වදෝරයේ වෙරළාශිතව පිහිටා ඇති ග්වයාකිල් නගරයේ බන්ධනාගාරයේය. අපරාධ කල්ලි සාමාජිකයන් බොහෝ දෙනකු රඳවා ඇත්තේ මෙහිය. ගැටුමින් තුවාල ලැබූ රැදෙවියන් ගණන 52 ක් බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS