බදුවලට එරෙහි වෙමු: චීනය ඉන්දියාවට කියයි



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ ඉන්දියාව සහ චීනය එකට සිටිය යුතු බව චීන රජය පෙන්වා දෙයි.

ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදු හමුවේ, ඊට මුහුණ දී, ඉන්දියාව සහ චීනය එක්ව, අභියෝග ජය ගැනීම කළ යුතු යැයි චීන රජය වෙනුවෙන් ප්‍රකාශ කළේ, ඉන්දියාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක යූ ජිං ය.

ඇමරිකානු තීරුබදු හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ නිර්මාණය කළ අස්ථාවරත්වය හමුවේ ඉන්දියාව සහ චීනය අතර සහයෝගීතාවයේ වැදගත්කම යූ ජිං අවධාරණය කර තිබේ.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS