බටහිර බෙංගාලයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා



ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති නගරසභා මැතිවරණය පැවැත්වෙන අතරතුරේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මැතිවරණ පැවැත්වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවන ප්‍රාන්තයක් යන්නේ බටහිර බෙංගාලය යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. නගරසභා මැතිවරණය පැවැත්වූයේ පසුගිය සෙනසුරාදා (8) ය. ලක්ෂ දෙකකට වැඩි අපේක්ෂකයන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වී සිටි බව පැවැසෙයි. බටහිර බෙංගාලයේ ජනගහනය මිලියන 104 කි.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණු බව පැවැසෙන්නේ කොමියුනිස්ට්වාදී ත්‍රිණමූල් කොංග්‍රසය සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් අතරේය. බටහිර බෙංගාලයේ බලයේ සිටින්නේ ත්‍රිණමූල් කොංග්‍රසයයි.


RECOMMEND POSTS