බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 17 ක් මරුට



ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, තුවාලකරුවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත්ය. අනතුර සිදුවූයේ සංඥා දෝෂයක් හේතුවෙනි. අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙයි.

අනතුර සිදුවූයේ නැනෙහිර බහිරාබ් නගරයේදීය. දුම්රිය ගැටුමෙන් දුම්රිය දෙකම පීලි පැනීමට ලක්විය. පොඩිපට්ටම් වුණු මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.


RECOMMEND POSTS