බංග්ලාදේශයේ ඩකා නුවරට දස දහස් ගණනක්



ප්‍රංශ භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්නැයි ඉල්ලමින් බංග්ලාදේශ වැසියෝ දස දහස් ගණනක් ඩකා අගනුවරට රැස්වූහ.

ප්‍රංශයේ කාටූන් සඟරාවක් වන ‘‘චාර්ලි හෙබ්දෝ’’ සඟරාවේ නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇඳි සාධාරණීයකරණය කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පියවර ගැනීමත් සමඟ මුස්ලිම් රටවලින් ඔහුට දැඩි විරෝධායක් එල්ල වී තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා මුස්ලිම් ජාතිකයන් අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කර ඇති බොහෝ පිරිසකගෙන් මේ වනවිට විරෝධය එල්ල වී තිබෙන ප්‍රංශ සහ මුස්ලිම් රටවල් කිහිපයක් අතරේම මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පවා නිර්මාණය වී තිබේ.

බංග්ලාදේශයේ ඉස්ලාමීය පක්ෂයක් මූලිකත්වය ගෙන මෙම විරෝධතාව ආරම්භ කර තිබූ අතර 40,000කට වැඩි පිරිසක් මෙම විරෝධතා පාගමනට එක්වූයේ යැයි පොලිසිය සඳහන් කළේය.

‘‘ප්‍රංශ බඩු එපා’’ යන සටන් පාඨය හඬ නගමින් ඔවුහු විරෝධතා පාගමනට එක්වූහ. ප්‍රංශ ජනාධිපතිවරයාට දඬුවම් දිය යුතු යැයි දැක්වෙන සටන් පාඨ ද ඒ අතර විය.

විරෝධතාකරුවන් බංග්ලාදේශයේ ප්‍රංශ තානාපති කාර්යාලය දෙසට පැමිණෙන්නට වූ අතර විරෝධතාකරුවන් ඒ දෙසට පැමිණීම වැළැක්වීම සඳහා කිලෝමීටර පහකට ආසන්න දුරකට බාධක යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

ඇතැම් විරෝධතාකරුවෝ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ අනුරූවලට ගිනි තැබූහ.

චාල් හෙබ්දෝ සඟරාවේ නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇඳි කාටූන් සාධාරණීයකරණය කිරීම හේතුවෙන් මේ වනවිට ප්‍රංශ ජනාධිපතිවරයාට එරෙහිව රටවල් කිහිපයකම විරෝධතා පැවැත්වේ.

ප්‍රංශයේ පැරිස් නුවරක ගුරුවරයකු ගෙල කපා මරා දැමීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය. එම ගුරුවරයා සිය සිසුන්ට නබිනායකතුමා දැක්වෙන කාටූන් පෙන්වූයේ යැයි පසුව වාර්තා විය.

ඉස්ලාම් ආගමට අනුව නබිනායකතුමාගේ ඕනෑම ආකාරයක නිරූපණයක් තහනම් ය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS