බංග්ලාදේශ ගංවතුර මිලියන 4 ක් අවතැන්



නොකඩවා ඇදහැලුණු මහ වැසි සමඟ බංග්ලාදේශය ජලයෙන් යටවිය. ජල ගැලීම් හේතුවෙන්,මිලියන 4 ක් බංග්ලාදේශ වැසියන්ට උන්හිටිතන් අහිමි වී ඇතැයි පැැවසෙයි. ශිෂ්‍ය අරගලයෙන් පසු බලයට ආ, බංග්ලාදේශ නව අන්තර්වාර රජය චෝදනා නගන්නේ, එම ජල ගැලීම්වලට ඉන්දියාව වගකිවයුතු බවටය.

බංග්ලාදේශය කැලැඹූ ගංවතුරට හේතුව ඉන්දියාව බවටත්, ඉන්දියාව ඊට වගකිව යුතු බවටත්, චෝදනා නගන්නේ බංග්ලාදේශ අන්තර්වනාර රජයට එක් වුණු, අගමැතිනී ෂෙයික් හසීනාගේ රජය පෙරළා දැමීමේ ශිෂ්‍ය අරගලය මෙහෙය වූ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නායක නහීඩ් ඉස්ලාම්ය. බංග්ලාදේශ අනතර්වාර රජයේ සන්නිවේදන කටයුතු අමාත්‍ය ධුරය හොබවන්නේ නහීඩ්ය.

නහීඩ් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉන්දීය රජය, ඉන්දු බංග්ලාදේශ දේශසීමාවේ ගංගා හරස් කරමින් ඉදි කළ වේල්ලක් හේතුවෙන් බංග්ලාදේශ මෙසේ මහා ජල ගැලීම්වලට මුහුණ දෙන බවය. ඉන්දියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේක කර තිබේ. බලයෙන් නෙරපා දැමුණු බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ රජය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය අතරේ සමීප මිතුදම් පවතී. අරගලකරුවන්ගෙන් බේරී, ෂෙයික් හසීනා පලා ගියේ ද ඉන්දියාවටය.

ඊයේ (28) වනවිට ජල ගැලීම්වලට හසුවීමෙන් බංග්ලාදේශයේ 19 දෙනකු මියගොස් ඇති බව වාර්තා විය. මේ වනවිට වර්ෂාව අඩු වී ඇති බවත්, ඇතැම් පළාත්වල ජලය බැස යමින් පවතින බවත් පැවැසෙයි. කෙසේ නමුත්, මාර්ග ජලයෙන් යට වීමෙන් සහ අවහිර වීමෙන් සහන සේවා මෙහෙයුම්අඩපණ විය. විදේශවලින් ඇති තරම් ආධාර ලැබුණු නමුත් ඒවා බෙදා දීම ගැටලුවක් බව අන්තර්වාර රජය පෙන්වා දී ඇත.


RECOMMEND POSTS