පොලිස් වෙස්ගත් තුවක්කුකරු කැනඩාවේ 13 ක් මරයි
පොලිස් නිලධාරියකු මෙන් සැරැසුණු තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් කැනඩාවේ 13 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ.
වෙඩි ප්‍රහාරයට ලක් වී මියගිය 13 දෙනා අතර කැනඩා අශ්වාරෝහක පොලිස් බළඇණියේ පොලිස් නිලධාරිනියක ද සිටී. වෙඩි ප්‍රහාරයෙන් මියගිය එම නිලධාරිනිය හයිඩි ස්ටීවන්සන් බවත් ඇය දෙදරු මවක බවත් පැවැසෙයි. හයිඩි ස්ටීවන්සන් වසර 23 ක් තිස්සේ පොලිස් නිලධාරිනියක ලෙස රාජකාරි කළ තැනැත්තියකි.
වෙඩි තැබීම සිදුවූයේ කැනඩාවට අයත් නෝවා ස්කොටිකා හි පෝර්ටැපික් නුවරදීය. තුවක්කුකරු වෙඩි තබමින් පොලිසියෙන් බේරී පලා ගියේ පොලිස් නිල රථයකිනි. එසේ යන අතුරතුරේ ඔහු තැන තැන නතර වෙමින් වෙඩි තැබීම් සිදු කර තිබේ.
ලුහුබැඳීම අවසන් වූයේ තුවක්කුකරු වෙඩි තබා ගනිමින් දිවි හානි කරගත් බව පොලිසිය පවසයි. පොලිස් නිල ඇඳුමින් සැරැසී වෙඩි තැබීම් කළ තැනැත්තා 51 හැවිරිදි ගෙබි්‍රයෙල් වෝට්මෑන් නමැත්තා බව පොලිසිය විසින් හඳුනා ගනු ලැබ තිබේ.
පෝර්ටැපික් නුවරදීය (රොයිටර්)