පොලිතීන් විෂවෙලා තායිලන්ත ගෝනෙක් මැරිලා



උතුරුදිග තායිලන්තයේ ‘අකුන් සතාන්’ නමැති වන රක්ෂිතයේ ගෝනකු පොලිතීන් විස වී මරණයට පත් ව ඇතැයි එරට වනජීවී නිලධාරීහු පවසති.

ගෝනාගේ කුසේ තිබී කිලෝ 7 ක් පොලිතීන් බෑග් සහ ප්ලාස්ටික් කෝප්ප, බත් කොළ (ලන්ච් ෂීට්) පමණක් නොව ලණුවක් ද තිබී එළියට ගත් බව පශු වෛද්‍ය නිලධාරීන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වී ඇත.

පොලිතීන් විෂවීමෙන් මීට පෙර ද තායිලන්තයේ සතුන් රැසක් මියගිය බවට පුවත් වාර්තා විය. ඒ අතර ඩූගන් නමින්නම් කළ මූදු ඌරු පැටවෙක් ද සිටී.

ලොව පොලිතීන් බෑග් භාවිතය අතින් ඉදිරියෙන්ම සිටින රට ලෙස සැලකෙන්නේ තායිලන්තයයි. පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ග්‍රීන්පීස් සංවිධානය පෙන්වා දෙන අන්දමට සෑම වසරකම බිලියන 75 ක පොලිතීන් බෑග් ප්‍රමාණයක් කසල ලෙස බැහැර කෙරේ.

පොලිතීන් අවම කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සූදානම් බවත් එය ලබන 2020 සිට ක්‍රියාත්මක වන බවත් තායිලන්ත පරිසර අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බැංකෝක් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS