පේරු රාජ්‍යය චීන එන්නත එපා කියයි



 

චීනයේ ‘සිනොෆාම්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්ති එන්නත අනතුරුදායක බව පෙන්වා දෙමින්, එය ප්‍රතික්ෂේප කිරීමට පේරු රජය පියවරගෙන තිබේ.

පේරු යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. චීන ‘සිනොෆාම්’ තෝරාගත් පේරු වැසියන්ට ලබා දීම පසුගිය දා සිදුවිය. ඒ, පේරු රජය සහ සෞඛ්‍ය අංශ චීනය සමඟ එකඟතාවක් ඇති කර ගනිමිනි.

එන්නත ලබා දීම සිදුවූයේ ස්වේච්ඡාවෙන්, එය ලබා ගැනීමට ඉදිරිපත් වූ පේරු වැසියන් ගණන 12,000 කි. පළමු අදියර යටතේ 450 කට එන්නත ලබා දුන් අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා බරපතල ස්නායු ආබාධවලට ලක් වී සිටින බව පැවැසෙයි.

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යය‍්, ‘කොවිඩ් 19’ වසංගතයෙන් දරුණු ‍ලෙස බැට කයි. පේරු රටේ ආසාදිතයන් වාර්තා වන්නේ 9,79,111 ක් ලෙසය. මරණ ගණන 36,499 කි.

චීන ‘සිනොෆාම්’ එන්නත මේ වනවිට රුසියාවේ, ආජන්ටිනාවේ සහ සෞදි අරාබියේ භාවිතයට ගැනෙන බව ද වර්තා වේ. ඊට අමතරව පසුගිය 13 වැනිදා ඊජිප්තුවට ද පළමු ‘සිනොෆාම්’ එන්නත් තොගය ගුවනින් ලැබුණි. ඒ, ඊජිප්තු රජය එන්නත මිලදීගෙන ඇති බැවිනි.

‘සිනොෆාම්’ එන්නතට හෝ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස නිපදවා ඇති සෙසු එන්නත්වලට හෝ මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නැත. රට රටවල් තම තමන්ගේ අභිමතය පරිදි, සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ මත එන්නත් ලබා දීම සිදු කරයි.

ලීමාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS