පුටින්ගේ තර්ජන සුළුවෙන් තකන්න බෑ



යුක්රේනය ආක්‍රමණයත් සමඟ න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට අණ දෙමින් රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට කළ අනතුරු ඇඟවීම සුළුවෙන් තැකිය නොහැකි යැයි ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානියා පවසයි.

සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී විලියම් බර්න්ස් පෙන්වා දෙන්නේ, යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ පසුබසින්න වූ රුසියන් හමුදා උපාය මාර්ගික න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවත්, ඉන්පසු එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යනු ඇති බවත්ය.

'පුටින්ගේ සිතූ තරම් හෝ සැලැසුම් කළ අයුරින් හෝ යුද්ධය සිදුවෙන්නේ නැහැ. යුක්රේන හමුදාවේ ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව පසුබැසීමකට ලක් වී තිබෙනවා. ඒ නිසා ඔහු උපාය මාර්ගික ප්‍රබලත්වයෙන් අඩු නයෂ්ටික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්.' යැයි බර්න්ස් පැහැදිලි කළේ ඇට්ලැන්ටා නුවර පැවැත්වූ දේශනයක් අතරතුරේදීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS