පුටින්ගෙන් වීර පදක්කමක්
දෙවැනි ලෝක යුද සමයේ නාසි හමුදා පරාජය කිරීමට උතුරු කොරියාවෙන් ලැබුණු සහාය ඇගයීමට ලක් කරමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට වීර පදක්කමක් පිරි නැමීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගත්තේය.
රුසියන් ජනාධිපති පුටින් පිරිනැමූ එය වීර පදක්කම, උතුරු කොරියාවේ රුසියන් තානාපති ඇලෙක්සැන්ඩර් මැතෙස්ගෝරා අතින් ලබා ගත්තේ උතුරු කොරියාවේ විදේශ ඇමැති රී සොන් ග්වොන් ය. ඒ, නායක කිම් ජොන් උන් වෙනුවෙනි.
කොරියාව උතුරු සහ දකුණු වශයෙන් වෙන්වූයේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, සෝවියට් සමූහාණ්ඩුවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමත් සමඟය.
නායක කිම් ජොන්, පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට දින 20 ක් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඒ, ඔහු අප්‍රේල් 12 වැනිදා හදවත් සැත්කමකට ලක් වීම නිසා යැයි උතුරු කොරියා රජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබුණි.
ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කරන්න වූයේ සැත්කමින් පසු කොරියා නායකයාගේ මොළය මියගිය බවත්, ඔහු අසාධ්‍ය තත්ත්වයකින් පසුවන බවත්ය. කෙසේ නමුත් එම මාධ්‍ය වාර්තා බොරු කරමින්, 36 හැවිරිදි නායක කිම් ජොන් උන් පසුගිය පළමු වැනිදා යළි ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, පොහොර කම්හලක් විවෘත කිරීමේ උත්සවයකට එක් වෙමිනි.
යොංග්යැංග් නුවරදීය (රොයිටර්)