පුටින් රුසියානුවන්ට තුති පුදයි



'කොවිඩ් 19' ආසාදිතයකුගේ සමීපතමයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානුවන්ට ස්තුති කළේය.

ජනාධිපති පුටින් රුසියානුවන්ට ස්තුති කළේ  රුසියන් මහ මැතිවරණයෙන් තම 'එක්සත් රුසියා' පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණු බැවිනි.
'මා ගැනත්, එක්සත් රුසියා පක්ෂය ගැනත් තැබූ විශ්වාසය වෙනුවෙන් මා රුසියානුවන් සියලු දෙනාට සුබ පතනවා' යැයි සිය නිල නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් ජනාධිපති පුටින් පැවැසීය.

රුසියන් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'දූමා' සභාව යනුවෙනි. දූමා සභාව ආසන 450 කින් සමන්විත වන අතර, එයින් ආසන 315 කට වැඩි ගණනක් එක්සත් රුසියා පක්ෂයට දිනා ගැනීමට හැකිවිය.

(රොයිටර්)


RECOMMEND POSTS