පුටින් පක්ෂ සම්මේලනය අමතයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඊයේ (23) එරට පාලක පක්ෂයේ ජාතික සම්මේලනය ඇමැතීය.
රුසියාවේ පාලක පක්ෂය වන්නේ ‘යුනයිටඞ් රුසියා’ පක්ෂයයි. පක්ෂ සම්මේලනයට පුටින්ගේ සමීපතම සගයා වන අගමැති දිමිත්‍රි මෙද්වදේව් ද සහභාගී විය. පක්ෂ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන බවත්, යුනයිටඞ් රුසියා පක්ෂය යළි ජනතා ආදරයට පාත්‍ර විය යුතු බවත් පක්ෂ සම්මේලනය අමතමින් ජනපති පුටින් පැහැදිලි කළේය.
‘යුනයිටඞ් රුසියා’ පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2001 දීය. 2007 වසරේ සිට රුසියානු පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගෙන සිටීමට ‘යුනයිටඞ් රුසියා’ පක්ෂය සමත් විය. කෛස් නමුත් අද වනවිට පක්ෂයේ ජනප්‍රියත්වය පහළ වැටී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)